කසළ බැහැර කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
April 28, 2017 07:30 am
මහජනතාවට හානියක් සිදුනොවන පරිදි කැළි කසළ බැහැර කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙස රජයට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.
පරිසර යුක්ති කේන්ද්‍රය මඟින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු කේ.එස්.උදය කුමාර් පැවසුවේය.
