පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරලා
April 28, 2017 07:29 am
කැපුම් තුවාල සහිතව මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තලවතුගොඩ ප්‍රදේශයේ තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත අදාළ මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මෘත ශරීරය කොළඹ ජාතික රෝහලට යොමු කර තිබේ.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
