විරෝධතා මර්දනය කිරීමේ අදහසක් රජයට නෑ

විරෝධතා මර්දනය කිරීමේ අදහසක් රජයට නෑ

April 28, 2017   07:26 am




විරෝධතා මර්දනය කිරීමේ අදහසක් රජයට නොමැති බව අමාත්‍ය  මහින්ද අමරවීර මහතා පවසයි.

වර්ජන ක්‍රියාමාර්ග හමුවේ ජනතාව අපහසුතාවට පත් නොකර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමේ අරමුණින් අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ සහය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකදී මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කෙසේවෙතත් වෘත්තීය සමිති මර්දනය සඳහා ඒකාබද්ධ විපක්ෂය රජයට ඉඩ නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය.

මේ අතර සරත් ෆොන්සේකා මහතාට අදාළ තනතුර ලබාදීම සම්බන්ධයෙන් තමා ප්‍රසාදය පළ කරන බව අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

කෙසේවෙතත් එස්.බි.දිසානායක අමාත්‍යවරයා පවසන්නේ සරත් ෆොන්සේකා මහතාට අදාළ ධුරය ලබාදීමට ගෙන ආ යෝජනා සම්බන්ධයෙන් තමා තුළ ප්‍රසාදයක් නොමැති බවයි.