සයුර පාවෙන ආපන ශාලාවක් වෙයි

සයුර පාවෙන ආපන ශාලාවක් වෙයි

April 27, 2017   11:40 pm




සයුර නෞකාව  “පාවෙන ආපන ශාලාවක්“ ලෙස නම් කර දියත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව සයුර නෞකාව පාවෙන ආපන ශාලාවක් ලෙස වැඩි දියුණු කර මහජනතාවට විනෝද වීම සඳහා අවස්ථාවන් සලසාදීමට කටයුතු කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කළේය.

උපන්දින සාද විවාහ සැමරුම් මෙන්ම ආයතනවල විනෝද සංචාර ආදිය සඳහා මෙම නෞකාව ලබාගත හැකි බව සඳහන්ය.

 එමෙන්ම පොදු ජනතාවට ඉතා පහසුමිලකට මෙම නෞකාව වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දෙන බව නෞකාව පාවෙන ආපන ශාලාවක් වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.