වගා හානි වන්දි මේ වසරේ සිට

වගා හානි වන්දි මේ වසරේ සිට

April 27, 2017   11:32 pm





වී ගොවීන් සඳහා පමණක් මෙතෙක් ලබාදුන් වගා හානි වන්දි මේ වසරේ සිට සෙසු බෝග සඳහාද ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අල, ලොකු ළූණු, මිරිස්, බඩඉරිඟු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා මේ වසරේ සිට වගා හානි වන්දි ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

2017 අයවැය මඟින් යෝජනා කළ පරිදි කෙතට අරුණ පොහොර දිරිය වගා හානි රක්ෂණ වැඩසටහන යටතේ මෙම වන්දි ලබාදීම සිදුකිරීමට නියමිතය.

වී ගොවීන්ගේ වගා හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් දස දහසක උපරිමයක් සහ හෙක්ටයාරයකට රුපියල් 25,000ක උපරිමයකට යටත්ව වන්දි ලබාදීම සිදුකෙරෙයි.