සැබෑ කම්කරුවන් වෙනුවෙන් හෙළ උරුමය පෙළ ගැසෙයි
April 27, 2017 06:16 pm
අව්වට වැස්සට තෙමෙනා සැබෑ කම්කරුවන් සැමරීම සිදු කළ යුතු බවත් අද කම්කරු රැස්වීම් යනුවෙන් පැවැත්වෙන මැයි රැළි බොහෝමයක් දේශපාලන පක්ෂවල සිටින මිනිසුන්ගේ එකතුවක් මිස සැබැ කම්කරුවන්ගේ එකතුවක් නොවන බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාතික හෙළ උරුමය පක්ෂ මුලස්ථානයේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙවර ජාතික හෙළ උරුමය මැයි රැළිය කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් පාගමන ආරම්භ වී පිටකොටුව ඊ.ඒ.ගුණසිංහ ප්‍රතිමාව ඉදිරිපිට පැමිණ ගුණසිංහ ප්‍රතිමාවට පුෂ්පෝපහාර දක්වා ඉන් අනතුරුව බෝධිරාජාරාම පදික වෙළද සංකිර්ණයේ දී ජන හමුවක් පැවැත් වෙන බවත් එහිදී කොළඹ කොටුව හා අවට දිගු කලක් සේවය කරන කම්කරුවන් 500ක් දෙනෙකුට (නාට්ටාමිලා) ජිවිත රක්ෂණයක් ලබා දිමට කටයුතු සංවිධානය කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ ය.
