සංහිඳියාව යථාර්ථයක් කරන්න පුළුවන් එකිනෙකාට ගරු කිරීමෙන්

සංහිඳියාව යථාර්ථයක් කරන්න පුළුවන් එකිනෙකාට ගරු කිරීමෙන්

April 27, 2017   04:56 pm



සංහිඳියාව යථාර්ථයක් බවට පත් කරගත හැක්කේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද අයිතිවාසිකම් සහ වරප්‍රසාදවලට ගරු කිරීම මඟින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ස්ථීර සාමයක් ඇති කරගනිමින් ජාතීන් අතර සහෝදරත්වය සහ සංහිඳියාව සහිත රටක් ගොඩනැංවීමට කැපවිය යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ඉස්ලාමීය යථාර්තය සහ කාලීන අභියෝග යන තේමාව යටතේ ශ්‍රී ලංකා ඉස්ලාමීය මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරන ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

 මිනිසා බලය සහ ධනය සඳහා සටන් කිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ මිනිසෙක් විසින් මිනිසෙක් විනාශ කිරීම බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුනි.