සාගල - රුවන්ට බැරි දේ ෆොන්සේකාට දීලා
April 27, 2017 04:54 pm
වැඩබිමේ, ගොවිබිමේ, මහපාරේ හා විශ්වවිද්‍යාලවල ආණ්ඩුවට එරෙහිව මතුවන ජනතා අරගලවලට මුහුණ දීමට අද වන විට සාගල රත්නායකට හා රුවන් විජේවර්ධනට කළ නොහැකි වී ඇති බැවින් සරත් ෆොන්සේකා මහතා ඒ වෙනුවට යොදා ගැනීමට යන බවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
ආරක්ෂක අංශ නියෝජනය වන පරිදි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ඉහළ තනතුරක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී රාජිත සේනාරත්තන මහතා විසින් පැවසු කරුණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ සියලු අරගල යකඩින් හා ලේවලින් මට්ටම් කිරීමේ අරමුණින් රජය මෙවන් ක්‍රියාවලියකට යොමුව ඇති බවයි.
මේ තුළින් රට තුළ නැවතත් නොනවතින ලේ වැගිරීමකට පෙළඹ විය හැකි බවත් රටට ආදරයක් ඇති සියලු දෙනාට මේ සඳහා එක්ව විරෝධය දැක්වීමට පෙළ ගැස්වෙන ලෙස ද මන්ත්‍රීවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
