ජීවිතය එපා වෙලා-කඩ කාමරයේදී එල්ලිලා
April 26, 2017 05:39 pm
උහන - තිස්සපුර ප්‍රදේශයේ කඩ කාමරයක් තුළ ගෙල වැලලාගෙන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිබේ.
උහන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගල මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය.
මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ 34 හැවිරිදි තිස්සපුර ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අදාළ පුද්ගලයා ගෙල වැලලා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.
උහන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
