කසළ කන්දේ සිද්ධිය හොයන්න විශ්‍රාමික විනිසුරු චන්ද්‍රදාස පත්කරයි

කසළ කන්දේ සිද්ධිය හොයන්න විශ්‍රාමික විනිසුරු චන්ද්‍රදාස පත්කරයි

April 26, 2017   05:19 pm


මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධ ගැටළුවට වගකිවයුත්තන් පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික මහා අධිකරණ විනිසුරුවරයෙකු වූ චන්ද්‍රදාස නානායක්කාර මහතා පත් කර තිබේ.

අදාළ සිද්ධියට වගකිව යුතු පාර්ශවයන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශ්‍රාමික විනිසුරුවරයෙකු පත් කර වාර්තාවක් කැඳවන බව පසුගිය දා ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම සිද්ධියට අදාළ වරදකරුවන්හට දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව අද(26)  දිනයේදී ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.