අනතුරින් හිමිනම අපවත් වෙයි

අනතුරින් හිමිනම අපවත් වෙයි

April 26, 2017   04:42 pm



අකුරැස්ස,පරදූව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්  ‍ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබේ.

යතුරු පැදියක් ඉදිරි‍යෙන් ගමන් කළ බස් රථයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පිටුපස ගමන් කළ හිමිනම බරපතළ තුවාල ලබා අකුරැස්ස රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී අපවත් වී තිබේ.

අපවත් වී ඇත්තේ අකුරැස්ස, ඕපාත ශ්‍රී නන්දනාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය දාම්මල සුජාත ස්වාමීන් වහන්සේය.

අපවත් වන විට උන්වහන්සේ 33 හැවිරිදි වියේ පසු වූ බව සඳහන්ය.

අනතුරට ලක්වූ යතුරුපැදියේ පැදිකරු අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද අනතුරින් සුළු තුවාල ලබා තිබේ.

මීට අමතරව අනතුර සම්බන්ධයෙන් බස් රථ දෙකෙහි රියදුරන්ද අකුරැස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.