2016 වාර්ෂික වාර්තාව මුදල් ඇමතිට බාරදෙයි
April 26, 2017 04:14 pm
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත පිළිගන්වා තිබේ.
මුදල් අමාත්‍යංශයේදී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අමාත්‍යවරයා වෙත එය පිළිගැන්වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ ඊට අදාළ ගැටළු අනුමාන සහ ඉලක්කයන් මෙම වාර්තාවට ඇතුළත් වෙයි.
මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ 67 වන වාර්ෂික වාර්තාව වන බව එම අමාත්‍යංශය සඳහන් කළේය.
