සාලාව වැසියන් වන්දි තීරණය කළ නිර්ණායක ඉල්ලයි

සාලාව වැසියන් වන්දි තීරණය කළ නිර්ණායක ඉල්ලයි

April 25, 2017   07:28 pm


සාලාව අවි ගබඩාව පිපිරීමෙන් මුළුමනින් හානිවූ  හා වෙනත් ගොඩනැගිලි මෙන්ම භාණ්ඩ තක්සේරු කිරීමේදී කිසිදු පිළිගත් හා තාක්‍ෂණික ක‍්‍රමවේදයක් භාවිතා නොකිරීමෙන් වන්දි ලබාදීමේදී පීඩාවට පත් ජනතාවට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසයි.

ගොඩනැඟිලි හා නිවාස සඳහා වන්දි තීරණය කිරීමේදී අදාළ කරගත් නිර්ණායක හා ප‍්‍රමිතීන් භාණ්ඩ තක්සේරුවේදී අදාළ භාණ්ඩ සඳහා වෙන් වෙන් වශයෙන් ලබාදී ඇති තක්සේරු අගයන් මොනවාද යන්නට අදාළ විස්තර තමාට ලබාදිය යුතු බව ඔවුන් කියා සිටියි

 තොරතුරු දැනගැනීමේ පනතේ පුරවැසියෙකුට හිමිව තිබෙන අයිතිය පදනම් කරගෙන ඔවුන් මෙම තොරතුරු ලබාගැනීමට තීරණය කර ඇති බැවින් එළඹෙන 27 වන දින පෙ.ව. 10.30 ට මරදානේ පිහිටි තක්සේරු දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් පිරිසක් පැමිණ තොරතුරු පනත අනුව අදාළ තොරතුරු ලබාගැනීමේ අයදුම්පත් බාරදීමට කටයුතු සූදානම් කර ඇත.