රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදානය අද

රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදානය අද

April 25, 2017   04:27 pm


“රණවිරු දූ දරු ශිෂ්‍යත්ව ප්‍රදාන“ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

ජනාධිපති කාර්යාලයේදී අද (25) එම වැඩසටහන පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙහිදී යුද්ධයේදී මියගිය සහ ආබාධිත වූ ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ගේ සහ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ගේ දරුවන් වෙනුවෙන් වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනැමීම් සිදු කෙරුණු ඇත.

ඒ අනුව එම දරුවන් වෙනුවෙන් මුදල් ප්‍රමාණයන්, පාසල් නිල ඇඳුම් කට්ටල සහ පාවහන් ද ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, එම අමාත්‍යාංශ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි සහ හමුදා ප්‍රධානීන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියේ ය.