අගමැති ඉන්දියාවට

අගමැති ඉන්දියාවට

April 25, 2017   03:45 pm

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

අද (25) පස්වරු 2.10ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.195 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා නව දිල්ලි නුවර බලා දිවයිනෙන් පිටත්ව ගිය බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ ය.

අගමැතිවරයාගේ ඉන්දිය සංචාරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිසක් එක්ව සිටින බව සඳහන් වෙයි.

ඉන්දීය සංචාරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතයි.

එමෙන්ම අගමැතිවරයා ඉන්දිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම ඉන්දිය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනීයා ගාන්ධි මහත්මිය ද හමුවන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.