ශ්‍රීල.නි.ප යට නව ආසන සංවිධායකවරු 17 ක්

ශ්‍රීල.නි.ප යට නව ආසන සංවිධායකවරු 17 ක්

April 25, 2017   03:29 pm

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්වීම් ලබා ගෙන තිබේ.

ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරු 17  දෙනෙකු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා අතින් එම පත්වීම් ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සහ නිමල් සිරිපාලද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.