සීෂෙල්ස් තානාපති නාවික හමුදාපති හමුවෙයි
April 25, 2017 02:32 pm
ශ්‍රි ලංකාවේ සීෂෙල්ස් තානාපති ඩේවිඩ් ක්ලෝඩ් පියර් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවී තිබේ.
නාවික හමුදා මූලස්ථානයේදී එම හමුව පැවති බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
ද්වී පාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී ශ්‍රී ලංකාවේ සීෂෙල්ස් තානාපතිවරයා සහ නාවික හමුදාපතිවරයා සාකච්ඡා කර ඇති බව සඳහන් වෙයි.
මෙම හමුව සනිටුහන් කරමින් දෙදෙනා අතර සමරු තිලිණ හුවමාරුවක්ද සිදුකල බව නාවික හමුදා මාධ්‍ය අංශ පවසයි.