පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සඳහා නව පනතක්

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන සඳහා නව පනතක්

April 25, 2017   01:21 pm


පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ආරක්ෂා කර ගැනිම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රජය පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මෙරටට අවශ්‍ය බවට ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම අදහස් පළ කර සිටියේ ය.