කිසිදු වරායක් කිසිදු රටකට දීලා නැහැ
April 24, 2017 05:42 pm
ලංකාව තුළ කිසිදු වරායක් කිසිදු රටකට ලබා දීමට සුදානමක් නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය කබීර් හෂීම් මහතා පවසයි.
පසුගිය දා අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා විසින් ඉන්දියාව සමඟ තෙල් ටැංකි සම්බන්ධයෙන් යම් එකඟතාවයකට පැමිණි බවත් එම ටැංකි යුද සමයේ සිට පැවති ඒවා වන අතර ඉන්දියාවට ද එහි කොටසක් බාර දී තිබු නමුත් ඒවා පාවිච්චි කිරීමට නොහැකි තත්ත්වයේ පවතින බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
ඒ සම්බන්ධයෙන් ඇති වු වැරදි සහගත අවබෝධය නිසා වෘත්තිය සමිති විසින් වැඩ වර්ජනයකට පැමිණ ඇති බවත් කිසි විටකත් අයි.ඕ.සි සමාගමට මෙම තෙල් ටැංකි සියල්ල ලබා දීමේ අරමුණක් නොමැති බව ද කබීර් හෂිම් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
අයි.ඕ.සී සමාගමට තෙල් ටැංකි 14 ක් ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තෙල් ටැංකි 10 ක් ද ඉතිරි ටැංකි 74 ශ්‍රී ලංකා රජය හා ඉන්දියා රජය සමඟ ගිවිසුමක් මඟින් බෙදා ගත හැකි ක්‍රමවේදයක් සකසන බව ද අමාත්‍යවරයා කියා සිටියේ ය.
ජාතික වෙසක් උත්සවයේ නිළ උත්සවය කෑගල්ල දිස්ත්‍රික්කයේ පැවැත් වීමට කටයුතු යොදා ඇති බව පවසමින් ඒ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ය.
