1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

1-2 දරුවන්ටත් ඉංග්‍රීසි පෙළ පොතක්

April 24, 2017   05:15 pm



පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම පුළුල් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

ඊට සමගාමීව පාසල්වල පළමු හා දෙවැනි ශ්‍රේණි සඳහා ද ඉංග්‍රීසි භාෂා පෙළ පොතක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අවධානය යොමු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
 
ඒ සඳහා ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි හා විදේශ භාෂා අංශයේ අදාළ  නිළධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී තිබේ. 

එමෙන්ම ඉංශ්‍රිසි භාෂාව උගන්වන ගුරුවරුන්ගේ භාෂා ඉගැන්වීමේ ප්‍රවීණතාව සංවර්ධනය කිරීම සදහා විශේෂ වැඩසටහන් සැලසුම් කරන ලෙස ද අමාත්‍යවරයා නිළධාරින්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශය පවසයි.