විදේශ විනිමය හුවමාරු පනත් කෙටුම්පත - ව්‍යවස්ථානුකූලභාවය ගැන කථානායකට දැනුම් දෙනවා
April 24, 2017 04:17 pm
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදේශ විනිමය හුවමාරු පනත් කෙටුම්පතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(24) ප්‍රකාශ කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත මඟින් විදේශ විනිමය හා විදේශ සංචිත පාලනයට ශ්‍රී ලංකා මහ බැංකුව සතු බලතල විෂයභාර ඇමතිවරයාට පැවරීමට යෝජනා කිරීම මඟින් ජාතික ආරක්ෂාවට මෙන්ම දේශිය ආර්ථිකයට අගතියක් සිදු වන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබා ගැනීම සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සම් විභාගය අවසන් කළ ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හෙට(25) දිනයේදී ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
