header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මෝදි එන්නේ වෙසක් සිරි නරඹන්න නෙවෙයි - ඉන්දියාව අපේ ඓතිහාසික සතුරෙක්
Apr 24, 201704:06 PM
මෝදි එන්නේ වෙසක් සිරි නරඹන්න නෙවෙයි - ඉන්දියාව අපේ ඓතිහාසික සතුරෙක්
Mobitel 1278

ජනතාවගේ අනුමැතියකින් තොරව ඉන්දියාව සමග අත්සන් කරන ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට ඉඩනොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

මන්ත්‍රීවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඉන්දියානු අගමැති මෝදි එනවා කිව්වාම බොහෝ දෙනෙක් හිතුවේ වෙසක් සිරි නරඹන්න එනවා කියලා. ඇත්තෙන්ම එන්නේ වෙසක් සිරි නරඹන්න නොවේ. යමපාලන දන්සැලෙන් බඩ පැලෙන්න කාලා ඉන්දියාවටත් කෑම අරගෙන යන්න. මේ දන්සැලේ තිබෙන්නේ දුම්තෙල් බත්, අයිස්ක්‍රීම් කිරි කෝපි නොවේ. ත්‍රිකුණාමලය වරාය, තෙල් ටැංකි සහ එක්ටා. වෙස්සන්තර රජ්ජුරුවෝ නම් පින් තකා දන් දුන්නේ තමන්ගේ ධනය. නමුත් මේ පාලකයින් ඉන්දියාවට දන් දෙන්න යන්නේ සොබා දහමෙන් මුතුන් මිත්තන්ගෙන් අපට ලැබුණු උරුමය.

ත්‍රිකුණාමලය කියන්නේ ලොව විශිෂ්ටතම ස්වභාවික වරාය දහයෙන් එකක් පමණක් නොවේ. ආසියාවේ උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්වභාවික වරාය. මේ වරාය අත්පත් කර ගන්න ඉතිහාසය පුරා ඉන්දියාව, පෘතුගාලය, ප්‍රංශය, නෙදර්ලන්තය, එංගලන්තය සහ ජපානය යුද වැදිලා තිබෙනවා. බ්‍රිතාන්‍ය 1948 දී ලංකාවට නිදහස දුන්නත් ත්‍රිකුණාමල වරාය ඔවුන් තියා ගත්තා. 1957 දී බණ්ඩාරනායක අගමැතිතුමා තමයි වරාය නැවත ලංකාවට අත්පත් කර ගත්තේ. එහෙව් වරායක් ලෝක බලවතෙකු වීමට සිහින මවන ඉන්දියාවට භාර දීම නරියාට කුකුලන් බාරදීමක්.

ඉන්දියාව කියන්නේ අපේ ඓතිහාසික හතුරා. මහවංශයේ තිබෙන්නේ වසර 2,600 පුරා ඉන්දියාව විසින් ලංකාව ආක්‍රමණය කළ හැටිත් ලංකාව නිදහස පතා සටන් කළ හැටිත් දැක්වෙන කතාන්දරය. අගමැතිතුමාගේ මාමා ඉන්දියානු හමුදා උතුරට ගෙන්නා ගෙන මහ විනාශයක් වුණා. දැන් ත්‍රිකුණාමල වරාය ලබා දීමෙන් ශ්‍රී ලංකාව සදහටම ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම නවත්වන්න බෑ. ත්‍රිකුණාමල ටෙල් ටැංකිවලින් පටන්ගෙන මේ ගමන ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වීම දක්වා ගමන්කිරීමනම් නතර කරන්න බැරිවෙනාවා කියන අනතුරු ඇඟවීම අපි කරනවා.

සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා ඉතාම දූරදර්ශි යෝජනාවක් ගෙනැවිත් තිබෙනවා. ලංකාවට ඛණිජතෙල් රැස් කර තබා ගන්න පුළුවන් සති දෙකකට පමණයි. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ජාතික ආර්ථිකයට තර්ජනයක්. ඒ නිසා මෙම ටැංකි ලංකාවට අවශ්‍ය ඛණිජතෙල් රැස් කර තබා ගන්න පාවිච්චි කරමු කියලා. එතුමා මේ යෝජනාව ප්‍රසිද්ධියේ පැවසීමෙන් පේන්නේ අවම වශයෙන් තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීම ඇමති මණ්ඩලයේ දී වත් සාකච්ඡා කරලා නැති බවයි. අගමැතිතුමන් තනිමතයට හිතුවක්කාරව මේ තීන්දු ගන්න බව තමයි සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්ගේ මේ ප්‍රකාශයෙන් පේන්නේ.

මේ ආණ්ඩුව ඊලඟ මැතිවරණයෙන් ගෙදර යයි. නමුත් ලෝක බලවතුන් සමග ඇති කර ගන්නා මේ ගිවිසුම් වසර සිය ගණනකට වෙනස් කරන්න බැරි වේවි. අපි සදහටම ලෝක බලවතුන්ගේ බල අරගලයේ දී ඒ පැත්තට මේ පැත්තට විසි වෙන පාපන්දුවක් වේවි. මොන්සූන් නම් පොත ලියු කප්රාන් නම් යුධ විශේෂඥයා සදහන් කරනව මේ සියවසේ වැදගත්ම මුහුද ඉන්දියන් සාගරයයි. ඉන්දියානු සාගරයේ වැදගත්ම ස්ථානය ශ්‍රී ලංකාවයි කියල. ලෝකයේ අනාගත බලවතුන් දෙදෙනා වන ඉන්දියාව හා චීනය අතර ඉන්දියාව සිදුවන බල අරගලයේ පාපන්දු පිටිය බවට ශ්‍රී ලංකාව පත්වීමේ භයානක පසුබිම සැකසෙමින් තියෙනවා. සයිප්‍රසය ඇෆ්ගනිස්ථානය ලෙබනනය මේසේ ලෝක බලවතුන්ගේ කෙළිබිම් බවට පත්වුනා. ශ්‍රී ලංකාවත් එවැනි තත්වයකට පත්වීමේ අවදානමක් මේ ගිවිසුම් හරහා සිදුවෙනවා. රට කෑලි කඩලා විකුණන්න මේ ආණ්ඩුවට ජන වරමක් ලැබිලා නෑ. ඒ නිසා ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරන්න පෙර මේ ගිවිසුම් ජනමත විචාරණයක දී ජනතාවගෙන් අනුමත කර ගත යුතුයි කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ජනතාවගේ අනුමැතියකින් තොරව මේ ගිවිසුම් මේ මහපොළවේ ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නෑ කියන අනතුරු ඇඟවීමත් අපි ආණ්ඩුවට කරනවා.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana