අගමැති හෙට ඉන්දියා යයි
April 24, 2017 03:26 pm
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට(25) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
නිල සංචාරයක් සදහා අග්‍රමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත්ව යන බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
එම සංචාරයයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සංචාරය අතරතුර ඉන්දිය රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් මෙන්ම ඉන්දිය ජාතික කොංග්‍රසයේ සභාපතිනී සෝනීයා ගාන්ධි මහත්මිය ද හමුවන බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
අගමැතිවරයාගේ ඉන්දිය සංචාරය සඳහා අනුර ප්‍රියදර්ශන යාපා, මලික් සමරවික්‍රම යන අමාත්‍යවරුන් එක් වන බව ද අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදය කළේය.
