ලබන මාසයේ රට තුළ වෙනස්කම් රැසක් ?

ලබන මාසයේ රට තුළ වෙනස්කම් රැසක් ?

April 24, 2017   03:13 pm

මැයි මාසය තුළ දී තම පක්ෂය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැඩි තීන්දු කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් රට තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

ඊයේ (23) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ගන්නා ලද තීන්දු සම්බන්ධයෙන් හා මැයි දිනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ අද (24)පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීන්දුවලින් පක්ෂය ශක්තිමත් වනවා සේම පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමට හැකි වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති 6 ක් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය කිසිදු පදනමක් නොමැති බවත් රජය විසින් කිසිදු තිරණයක් වෙනස් කර නොමැති බවත් පැවසු අමාත්‍යවරයා කියා සිටියේ මෙය මනංකල්පිත සිදුවීමක් සම්බන්ධයෙන් ගන්නා ලද වැඩවර්ජනයක් බවයි.