නීතිවිරෝධී දැල් යොදාගෙන ධීවර කටයුතු වල නිරත වූ 3ක් අල්ලයි
April 24, 2017 03:07 pm
නීතිවිරෝධී දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් තිදෙනෙකු නිලාවේලි පරවි දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර නාවික විධානයට අනුයුත්ත නාවිකයින් පිරිසක් විසින් එම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
සැකකරුවන් සතුව තිබී තහනම් දැල් 03ක්, කිමිදුම් පාවරල් යුගල 03ක්. මුහුණු ආවරණ 03ක් ස පොකිරිස්සන් කිලෝග්‍රෑම් 01ක් නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් කුච්චවේලි පොලිස් ස්ථානය වෙත බාරදුන් බව නාවික හමුදාව සඳහන් කළේය.
