තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා
April 23, 2017 12:20 pm
දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ.
අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා තියුණු ආයුධයකින් බිරිඳගේ හිසට පහර දී ඇති බව සඳහන්ය.
බරපතළ තුවාල ලැබු කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
