වීඩියෝවක් නිසා අමෙරිකන් ගුවන් සේවකයගේ සේවය අත්හිටුවයි!
April 23, 2017 10:10 am
ගුවන්යානයක් තුළදී ඇති වූ බහින්බස්වීමක වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්තවීමෙන් අනතුරුව අමෙරිකන් ගුවන් සමාගමට අයත් සේවකයෙකුගේ සේවය අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අදාළ ගුවන් සේවකයා හා ගුවන් මඟියෙකු අතර ගුවන්යානය තුළදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඒ අවස්ථාවේ උණුසුම්කාරී තත්ත්වයක් උත්ගත වී තිබේ.
ගුවන්යානය තුළ හඩමින් සිටි කාන්තාවක හා තවත් පුද්ගලයෙකු අතර ඇතිවන බහින්බස්වීමකදී මෙම ගුවන් සේවකයා අදාළ පුද්ගලයාට බැනවැදීමක් හෝ ප්‍රහාර එල්ල කිරීමට සූදානම්වීමක් අදාළ වීඩියෝව මඟින් පෙනෙන්ට ඇත.
ඒ අවස්ථාවේ ඔවුන් ඇතර ඇති උණුසුම්කාරී තත්ත්වය කිසියම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍යට මුදා හැර තිබේ.
සිද්ධියෙන් පසු අදාළ ගුවන් සේවකයාගේ සේවය අත්හිටුවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකන් ගුවන් සමාගම පරීක්ෂණ ආරම්භ කර ඇති බවද සඳහන්ය.
අමෙරිකන් ගුවන් සේවයට අයත් ෆයිට් 591 යන ගුවන් යානය තුළදී මෙම සිද්ධිය සිදු වී තිබේ.
