බඹර ප්‍රහාරයෙන් 21ක් රෝහල් යයි
April 23, 2017 09:24 am
බගවන්තලාව, කුසිනාවත්ත ප්‍රදේශයේ තේ වත්තක තේ දළු නෙළමින් සිටි පුද්ගලයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
බඹර ප්‍රහාරයෙන් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා බගවන්තලාව රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
එහිදී පුද්ගලයින් 18 දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්ය.
මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කුසිනාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලීසිය සඳහන් කළේය.