හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි
April 23, 2017 09:21 am
ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු කිරීමට සියලු දෙනා වගබලා ගත යුතු බවයි.
හල්දුම්මුල්ල නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.
පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් රජය පොලීසිය ලබාදී ඇති සියලු සහනයන් මේ වන විට ලබා දී ඇති බවයි.
ඌව පරණගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මෙම අදහස් පළ කළේය.
