තෙල් ටැංකි ලබාදීමේ යෝජනාව ගැන අද විශේෂ සාකච්ඡාවක්
April 22, 2017 09:33 am
ඉන්දීය තෙල් සමාගමට ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ලබාදීමේ යෝජනාව සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අද(22) විශේෂ සාකච්ඡාවක් පවත්වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එහි කැඳවුම්කරු ඩී.ජේ රාජකරුණා මහතා ප්‍රකාශ කළේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා පොරොන්දු වී තිබුණද එය ඉටු නොවූ බවය.
ලබන 28 වනදා තෙල් ටැංකි පැවරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට සූදානම් වන බවට වෘත්තීය සමිති පසුගියදා අනාවරණය කළේය.
එසේ වුවද අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය මගින් අදාළ යෝජනාව පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
