දේපල සොරකමේ ගිහිල්ලා

දේපල සොරකමේ ගිහිල්ලා

April 22, 2017   09:31 am



දේපල සොරකම් කිරීමෙහි නිරත වූ පුද්ගලයෙකු නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු විසින් රාජගිරිය ප්‍රදේශයේදී ලැප්ටොප් පරිගණකයක් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් සොරාගෙන ඇති අතර ඔහු සතුව තිබී ත්‍රීරෝද රථයක් ද පොලීසිය බාරයට ‍ගත් බව පොලිස් මූලස්ථානය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙල්කඳ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු අද (22) දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.