අගමැති ලබන සතියේ ඉන්දියා යයි
April 22, 2017 09:29 am
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ඉන්දීය සංචාරයක නිරත වේ.
ලබන 25 වනදා සිට 29 වන දින දක්වා එරට රැදී සිටින අග්‍රමාත්‍යවරයා ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ 26 වනදා ද්වී පාර්ශ්වික සාකච්ඡාවකට සහභාගීවීමට නියමිතය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කළේ ශ්‍රී ලංකා අග්‍රමාත්‍යවරයා, ඉන්දීය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ඡා පවත්වන බවය.
ඒ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයා, අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ මහා මාර්ග, ප්‍රවාහන, අධිවේගී මාර්ග සහ නාවික අමාත්‍යවරයා වෙයි.
අදාළ සාකච්ඡා වලදී දෙපාර්ශවය අතර ක්ෂේත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට නියමිතය.
ජාත්‍යන්තර වෙසක් සැමරුම වෙනුවෙන් ලබන මාසයේ මෙරට සංචාරයක නිරත වන ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංචාරය සැළසුම් කිරීමේ කටයුතු සඳහා ද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළේය.
