අනතුරින් 1ක් මරුට-3ක් රෝහලට
April 22, 2017 09:25 am
පූජාපිටිය, දොඹගම්මන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් ළමයෙකු මියගොස් තිබේ.
ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව පෙරළී ගොස් විරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ සිව් දෙනෙකු බොක්කාවල රෝහලට ඇතුළත් කිරීමේදී 11 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් තිබේ.
අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර ඇති බව පූජාපිටිය පොලීසිය සඳහන් කළේය.
මේ අතර අනුරාධපුර - පාදෙණිය මාර්ගයේ තඹුත්තේගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය හරහා පෙරලීගොස් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වන්නිකුඩාවැව, ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
