රන් මාල කොල්ල කෑ 3ක් අල්ලයි

රන් මාල කොල්ල කෑ 3ක් අල්ලයි

April 22, 2017   09:20 am


කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකෑමෙහි නිරත වූ තරුණයින් දෙදෙනෙකු ගල්කිස්ස, බොරුපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස පොලීසිය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර කොල්ල කන ලද මාලය සහ සැකකරුවන් පැමිණි යතුරුපැදියක් ද තම බාරයට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව හා පානදුර ප්‍රදේශ වල පදිංචි 22 හා 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.

ඔවුන් අද(22) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර කාන්තාවගගේ ගෙල බැදි රන් මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් තවත් තරුණයෙකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කෝට්ටපිටිය, බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.