බලපත්‍ර නොමැතිව වැලි පැටවූ 4ක් මාට්ටු

බලපත්‍ර නොමැතිව වැලි පැටවූ 4ක් මාට්ටු

April 22, 2017   12:02 am

කින්නියා, මානල්ආරු ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මහවැලි ගඟට ට්‍රැක්ටර් රථ ඇතුළු කරමින් වැලි පටවමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා කන්තලේ කදවුරේ නිලධාරින් පිරිසක්  විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්වේ.

එහිදී වැලි පුරවන ලද ට්‍රැක්ටර් රථ 04ක් සහ වැලි පැටවිම සඳහා යොදාගන්නා උපකරණ කිහිපයක් පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කින්නියා පොලීසියට බාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.