කුණු බැහැර කරන්න නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි
April 21, 2017 06:14 pm
කසළ බැහැර කිරීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මීතොටමුල්ල ප්‍රදේශයේ කසළ කන්ද ඉවත් කිරීම කඩිනමින් සිදු කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
මේ අතර මීතොටමුල්ල කසළ ගැටළුව මුල්කර ගනිමින් පැවැති ජනතා විරෝධතාවලට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම මෙවැනි ඛේදවාචිකයක් ඇතිවීමට හේතු වූ බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද මීතොටමුල්ල ප්‍රදේශය නිරීක්ෂණයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කියා සිටියේය.
