ඩෙංගු කීටයන් හමුවන රාජ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා

ඩෙංගු කීටයන් හමුවන රාජ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා

April 21, 2017   05:41 pm



ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන පාසල්වලට සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 ඉදිකිරීම් කලාපවල මදුරු කීටයින් හමුවුවහොත් බලපත්‍රය මාසයක කාලයක් අවලංගු කරන බව අමාත්‍යවරයා පවසයි.

 ධීවර වරායන් හි අත්හැර දැමූ යාත්‍රා සියල්ල විනාශ කර දැමීමට ද තීරණය කර ඇති බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ක්‍රියා සිටියේය.

ඩෙංගු මර්ධනය පිළිබඳ අද(21)පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.