ඝණ අපද්‍රව්‍ය ගැටළුව නිරාකරණයට ජනපති උපදෙස්
April 21, 2017 04:45 pm
මෙරට පවතින ඝණ අපද්‍රව්‍ය ගැටළුව නිරාකරණය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එහිදී එක් මධ්‍යම අධිකාරියක් වෙත බලය පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මීතොටමුල්ල, කසළ කන්ද නායයාම හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම පිළිබඳව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්ය.
එම සාකච්ඡාව සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී වූ අතර මින් ඉදිරියට මෙවැනි ව්‍යසනයන් සිදුවීම වැළැක්වීම සඳහා ඝණ අපද්‍රව්‍ය අපහරණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව අග්‍රමාත්‍යවරයා පෙන්වාදී තිබේ.