මහින්ද අදත් ජනපති කොමිසමේ!
December 17, 2015 01:44 pm
ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබේ.
පසුගිය මැතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු ජනාධිපතිවරයා මෙලෙස කැඳවා ඇති අතර මීට පෙරත් අවස්ථා කිහිපයකදීම මේ ආකාරයට ඒ මහතා කැඳවා තිබිණ.
මෙම අක්‍රමිකතාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාද අද බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණි.