බිරිය මරා සැමියා වස බීලා

බිරිය මරා සැමියා වස බීලා

December 17, 2015   11:19 am



තිස්සමහරාම, බෙරලිහෙළ ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳ ඝාතනය කර සියදිවි හානිකරගෙන තිබේ.

අද අළුයම අදාළ පුද්ගලයා සිය බිරිඳට තියුණූ ආයුධයකින් පහරදී ඝාතනය කිරීමෙන්  අනතුරුව වස පානය කර ඇති අතර දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බව සඳහන්ය.

මියගොස් ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් සහ 25 හැවිරිදි  පිරිමි පුද්ගලයෙකි.

කාන්තාවගේ අනියම් සබඳතාවක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සිදුකල මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

තිස්සමහාරාම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.