
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ විදේශ කටයුතු පිළිබඳ ජ්‍යේෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා ජිනීවා නුවර සංචාරයක නිරත වී තිබේ.
එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා වන සෙයඩ් අල් හුසේන් මහතා හමුවී සාකච්ඡා කර ඇති බව වාර්තා වෙයි.
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති සහ ඔහුගේ දින සියය වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සහ අනෙකුත් නිලධාරීන් දැනුවත් කිරීමක් ජයන්ත ධනපාල මහතාා එහිදී සිදුකළ බව සඳහන්ය.



















































