අතුරුදන් වූවන් ගැන පැමිණිලි 20,000 යි
December 15, 2014 06:44 am
අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම සඳහා මේ වන විට පැමිණිලි 20,000කට ආසන්න ප්රමාණයක් ලැබී ඇති බව එම කොමිසම පවසයි.
ඊයේ දිනයේ දි අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසම වව්නියාව දිස්ත්රීක්කය මුල් කරගනිමින් මෙවර මහජන හමුව පැවැත්වීමට කටයුතු කර තිබේ.
ඒ අනුව පැමිණිල විමර්ශනය කිරිමේ කටයුතු ඊයේ දිනයේ වව්නියාව, සෙට්ටිකුලම් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ දි ආරම්භ විය.
මෙහිදි සාක්ෂි ලබාදීම සඳහා පුද්ගලයින් 52 කට කැඳවීම් ලිපි යවා තිබු අතර ඉන් පුද්ගලයින් 33 දෙනෙක් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණ සිටියහ.
කෙසේ වෙතත් මෙහිදි පුද්ගලයින් 36 දෙනෙකු අළුතින් ලියාපදිංචි වි ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ලැබී ඇති පැමිණිලි 5000ක් ඇතුළුව පැමිණිලි 19 806ක් කොමිසමට ලැබී තිබේ.
මේ අතර අද දිනයේ දි වව්නියාව සෙට්ටිකුලම් ප්රාදේශිය ලේකම් කාර්යාලයේ දි මෙම ජන හමුව පැවැත්වෙන අතර එය හෙට සහ අනිද්දා යන දින වලද වව්නියාව දිස්ත්රීක්කය මුල් කරගනිමින් පැවැත්වීමට නියමිතය.
හෙට දිනයේ දි වව්නියාව ප්රාදේශිය ලේකම් කාර්යාලයේ දි මෙම සාක්ෂි ලබාගැනීමට නියමිත බව අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් එච් ඩබ්ලිව් ගුණදාස මහතා සඳහන් කළේය.