ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා

ජනපතිගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත ඉතා පිළිකුලෙන් හෙළාදකිනවා

November 26, 2014   02:11 pm

ඉන්දීය හෙරොයින් ඡවාරම්කරුවන්ගේ මරණ ද`ඩුවම අහෝසිකොට පිටුවහල් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගත් ක්‍රියාමාර්ගය පිළිකුළෙන් හෙළාදකින බව ජාතික හෙළ උරුමය අවධාරණය කරයි.

එම පක්ෂයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ඒ ගැන මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ඉන්දීය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට දුන් පිටුබලයක් බවයි.

එකී චූදිතයින් නිදහස් කිරීම වූ කලී විධායක ජනපතිට කළ නොහැකි දෙයක් නොමැති බව මනාව පෙන්වා ඇතැයිද උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

එම නිවේදනය පහත පරිදිය.

මහපරිමාණ හෙරොයින් ජාවාරමක් හරහා අත්අඩංගුවට පත්ව පසුව ගරු අධිකරණයෙන් මරණීය ද`ඩුවම ලබාදුන් ඉන්දීය ධීවරයින් පස්දෙනෙක් ජනාධිපති සමාව යටතේ වහාම නිදහස්කොට නැවත තම මව්රටට පිටත් කරවූ බව මාධ්‍ය වලින් අනාවරණය කර තිබිණි. මෙම ක්‍රියාදාමය ඉතා බරපතළ ප්‍රතිවිපාකදාමයක මූලාරම්භය ලෙස අප දකිමු.

ශ්‍රී ලංකාවට හෙරොයින් හා භයංකාර මත්ද්‍රව්‍ය ඉන්දීය ධීවරයින් හරහා ගෙන එන බව කාහටත් නොරහසකි. එසේම එම ඡාවාරම පිටුපස මෙරට ප්‍රබල ව්‍යාපාරිකයන්, දේශපාලඥයින් මෙන්ම දැනට අක්‍රියව පවතින දෙමළ බෙදුම්වාදීන්ගේද ප්‍රබල සහයක් ලැබේ. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරන අංශවල දැඩි පරිශ්‍රමයෙන් මෙසේ අත්අඩංගුවට පත්වන මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් අපරට නීතියට අනුව ලබාදෙන උපරිම දණ්ඩණයට ලක්කෙරේ. එහිදී ඔවුන්ගේ ජාතිය, ආගම හෝ දේශීය විදේශීයභාවය සැලකිල්ලට නොගෙනේ.

මෙසේ තිබිය දී ගරු අධිකරණය විසින් ලබාදුන් මරණීය ද`ඩුවම ඉවත්කොට ඉන්දීය බලපෑමට මත්ද්‍රව්‍ය අපරාධකරුවන් නිදහස්කොට එරටට පිටුවහල් කිරීම බරපතළ වරදකි. විධායක ජනාධිපතිධූරයේ අත්තනෝමතිකභාවය කොතරම් ද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. අධිකරණය විසින් මරණ දණ්ඩණයට ලක්කළ හෙරොයින් ඡාවාරම්කරුවන් නිදහස් කිරීම තුළින්ම විධායකයට කළ නොහැක්කක් නොමැත යන්න සනාථ වෙයි.

මෙම වැරදි පූර්වාදර්ශය හරහා මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් හට මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒමට අනගි අවස්ථාවක් රජය මගින් අමනෝඥ ලෙස ලබා දී ඇත. ඒ මගින් මින් ඉදිරියට ඉන්දීය ධීවරයින්හට මත්ද්‍රව්‍ය ඡාවාරම් කිරීමට ලබාදුන් නිල අවසරයක් ලෙස ද මෙම ක්‍රියාව සැලකිය හැකිය. මෙම අදූරදර්ශී තීරණය මගින් ඉන්දීය ධීවරයන් වේශයෙන් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් එරට පුරවැසියන් භාවිතා කරමින් මෙරටට මත්ද්‍රව්‍ය ගෙනඒම ත්‍රීවුර වියහැකි බවත්, එසේ අත්අඩංගුවට පත්වන ඉන්දීය පුරවැසියන් එරට මධ්‍යම රජයේ බලපෑම හමුවේ නිදොස්වීමේ අවධානමක් ද පවතී.

වෙනත් රටවල අත්අඩංගුවේ පසුවන හෝ මරණ දඬුවමට ලක් වූ අය නිදහස්කර ගැනීමට හෝ හුවමාරු කරගැනීමට මෙය නරක පූර්වාදර්ශයක් වනු ඇත. අප රටේ පුරවැසියන්හට එවැනි මත්ද්‍රව්‍ය ඡාවාරමකට මරණීය ද`ඩුවම ලැබෙන අතර වෙනත් රටක පුරවැසියෙකු නිදොස් කිරීම මගින් විදෙස් මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට පිටුබලයක් ලැබෙන බව මෙයින් අවධාරණය කරමු. එම නිසා ශ්‍රී ලංකා රජය හා ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ගත් අදූරදර්ශී ක්‍රියා පිළිවෙත අප ඉතා පිළිකුලෙන් හෙළා දකිමු.


ස්තුතියි!
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි
නායක