විදුලි මිල 25%න් අඩුකරයි - ඉන්ධන මිලත් අඩු කරයි

විදුලි මිල 25%න් අඩුකරයි - ඉන්ධන මිලත් අඩු කරයි

September 16, 2014   07:56 pm

අද සිට විදුලි බිල 25% න් අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දැන් පැවැත්වෙන හමුවේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එසේම ඉන්ධන මිල ගණන් ද අද සිට පහත දමන බව ජනාධිපතිවරයා එම අවස්ථාවේදී පැවසුවේය.

ඒ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 ද පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5.00 ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 ද අඩු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.