විදුලිසැර වැදී තරුණයෙක් මරුට
August 23, 2014 05:37 pm
පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.
අළුත්වැඩියා කටයුත්තක් සඳහා නිවසක වහලයට නැග ඇති අදාළ තරුණයා අධි බලැති විදුලි රැහැනක ගැටී අනතුරට ලක්ව ඇති බව පොලිසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ පානදුර, හේනමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශන සිදුකරයි.