පෙම්වතා ඇතුළු 6 දෙනෙක් තරුණියක දූෂ්‍ය කරලා - 4 දෙනෙක් අත්අඩංගුවේ

පෙම්වතා ඇතුළු 6 දෙනෙක් තරුණියක දූෂ්‍ය කරලා - 4 දෙනෙක් අත්අඩංගුවේ

July 28, 2014   03:19 pm

බාබර් සාප්පුවක් තුළදී තරුණියක සමුහ දූෂණය කළ බව කියන සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

උඩප්පුව ප්‍රදේශයේ පිහිටි බාබර් සාප්පුවක් තුළදී මෙම සමූහ දුෂණය සිදුවී තිබේ.

අතවරයට ලක්ව ඇත්තේ උඩප්පුව කොට්ඨාශ අංක 06 පදිංචිව සිටින 17 හැවිරිදි තරුණියකි.

තමන් මීට මාසයකට පමණ පෙර තම පෙම්වතා වන කරණවැමියෙකු හමුවීම සඳහා ඔහු සේවය කරන බාබර් සාප්පුවට ගිය අවස්ථාවේදී පෙම්වතා ඇතුළු 06 දෙනෙකු තමන්ට වරින් වර අතවර කළ බව සිද්ධියට මුහුණ දුන් තරුණිය පසුගිය ජූලි 02 වැනිදා මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

ඒ අනුව මුන්දලම පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරන ලද අතර මෙම සිද්ධියට සම්බන්ධ තරුණයින් මුලතිව් ප්‍රදේශයට ධීවර රැකියාව සඳහා ගොස් නැවත උඩප්පුව ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුන්දලම පොලිස් ස්ථානාධිපති ලලිත් සඳසිරි මහතා ඇතුළු නිලධාරීන් වැඩි දුර විමර්ශන කටයුතු කර ගෙන යයි.