සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස පළමු සතියේ

සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස පළමු සතියේ

September 8, 2013   08:19 am

මෙවර විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමට අදාළ කඩඉම් ලකුණු ඔක්තෝබර් මස පළමු සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිබුරේගම මහත්මිය සඳහන් කළේ විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ඉදිරිපත් වු අයඳුම්පත් පරීක්ෂා කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවය.

2012 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ට අදාළ කඩඉම් ලකුණු නිකුත් කිරීමට නියමිතය.

මෙවර විශ්ව විද්‍යාල සඳහා සිසුන් 24,000කට අධික සංඛ්‍යාවක් බඳවා ගැනීමට තීරණය කර ඇති බව ක්ෂිණිකා හිරිබුරේගම මහත්මිය සඳහන් කළේය.

ලබන නොවැම්බර් මාසයේ දී නායකත්ව පුහුණුව ලබාදීමෙන් අනතුරුව විශ්ව විද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු සිදුකරනු ඇත.