දුම්රිය සේවකයින් පැය 48ක වර්ජනයකට සුදානම්

දුම්රිය සේවකයින් පැය 48ක වර්ජනයකට සුදානම්

July 7, 2013   05:17 pm

අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ.

වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වැර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති එකතුවේ කැදවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා සදහන් කළේය.

දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුවට සම්බන්ධ වෘත්තීය සමිති 11 ක් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වීමට නියමිතය.

බලධාරීන් සමග අවස්ථා ගණනාවක දී සාකච්ජා පැවැත් වුවද සිය වෘත්තීය ගැටලුවලට විසදුම් නොලැබුණු බව ජානක ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීට පෙර අවස්ථා ගණනාවකදීම මෙලෙස වැඩවර්ජන ක්‍රියාමාර්ග වල නිරත වන බවට ප්‍රකාශ කළ ද එම සියලු අවස්ථාවලදී එම වැඩ වර්ජන අත්හිටුවීමට දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය එකමුතුව පියවර ගත්තේය.