ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ඉන්නවාලු

ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ඉන්නවාලු

June 5, 2013   05:25 pm

අතුරුදහන් වී ඇතැයි කියන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ ජීවත් වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පුත්තලම දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයට අදාළව ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනතට සංශෝධන එක්කිරීම සඳහා අද (05) පාර්ලිමේන්තුවේදී පැවැති විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ප්‍රංශයේ වෙසෙන බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් ද දන්නා බව හෙතෙම කියා සිටියේය.

එක්නැලිගොඩ මහතාගේ බිරිද සහ ඥාතින් ඔහු අතුරුදන්වීම පිළිබඳ ආණ්ඩුවට ‍චෝදනා කරමින් සිටින බව ද මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළ බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.