පෞද්ගලික රෝහල්වල ඖෂධ ගබඩා පිරික්සයි

පෞද්ගලික රෝහල්වල ඖෂධ ගබඩා පිරික්සයි

May 13, 2013   07:20 am

දිවයින පුරා ඇති සියලුම පෞද්ගලික රෝහල්වල ඖෂධ ගබඩා අද (13) දිනයේ සිට පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෙන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇත.

පෞද්ගලික රෝහල්වල කල් ඉකුත් වූ ඖෂධ භාවිතා කරන බවට පැමිණිලි රැසක් ලැබී තිබීම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හේතුවූ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

පසුගියදා කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික ආරෝග්‍ය ශාලාවක කල් ඉකුත් වූ සේලයින් බෝතලයක් ලබා දීම හේතුවෙන් දරුවෙකු අසාද්‍ය තත්ත්වයට පත්ව ඇති බව ද වාර්තා වේ.

එම සේලයින් බෝතලය පාරිභෝගික අධිකාරිය භාරයට ගෙන ඇති අතර ඔවුන් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේය.

මේ අතර පාදුක්ක ප්‍රදේශයේ මදුරු කීටයින් සහිත උන කටු දෙකක් හමුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පාදුක්ක ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට හමුවී ඇති අදාළ උන කටු දෙකෙහි රසදිය අඩංගු බල්බයේ උඩකොටසේ මදුරු කීටයන් සිටින බවට අනාවරණය වී තිබිණි.

ඒ පිළිබඳව විලවුන් උපකරණ හා ඖෂධ අධිකාරිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.